ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණය ඇරැඹේ



ඊශ්‍රායල මහ මැතිවරණය ආරම්භ විය. වසර තුනහමාරක් ඇතුළත එරට පැවැත්වෙන පස්වැනි පාර්ලිමේන්තු මැතිවරණය මෙයයි.
ඡන්දය ප්‍රකාශ කිරීම අද (1) උදෑසන 7 ට ආරම්භ වුණු අතර හෙට  (2) දින රාත්‍රී 10 තෙක් එය පැවැත්වෙනු ඇත.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘නෙසට්’ සභාව යනුවෙනි. පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 120 කට වඩා දිනා ගැනීම කළ යුතු නමුත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙවර ද කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවනු ඇති බවය.

ඊශ්‍රායලයට වසර තුනහාමාරක් ඇතුළත පස් වරක් මර මැතිවරණ පැවැත්වීමට සිදුවූයේ කිසිදු පක්ෂයකට බහුතරය හිමි නොවීම සහ පිහිටුවා ගත් සන්ධාන රජයයන් මත ගැටුම් හේතුවෙන් බිඳ වැටීම සිදුවුණු බැවිනි. යළි බලයට පත්වීමේ අපේක්ෂාවෙන් හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද මැතිවරණයට ඉදිරිපත් වී සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS