ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීනුවෝ 6 ක් මරුට



බටහිර ඉවුරේ ජෙනින් නමැති නගරයේ කළ වැටලීමකදී පලස්තීනුවන් 6 දෙනකු ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වුණැයි විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත්තේ එම වැටලීම්වලින් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 11 ක් කියාය.

තුවාල ලැබූවන් 11 දෙනාගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි. ඊඔ්‍රායල හමුදාව පවසන්නේ, පලස්තීන සටන්කතාමීන්ගේ නිවසක් වැටලූ බවය. පලස්තීන පාලන අධිකාරිය පවසන්නේ ඝාතනයට ලක් වුණු සහ තුවාල ලැබුණු පිරිස පලස්තීන සිවිල් වැසියන් බවය.

(රොයිටර්)


RECOMMEND POSTS