ඊශ්‍රායල අගමැතිගේ නිවස වට කරලා
ගාසා තීරයට දිගින් දිගටම පහර දීමෙන්, පලස්තීන සිවිල් වැසියන් පමණක් නොව, හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන්ගේ ද ජීවිත අනතුරට පත්වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට විරෝධයක් එල්ල වෙමින් පවතී.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ නිවස ඉදිරියට රැස්වුණු ඊශ්‍රායල වැසියන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළ කරමින් කෑ ගසන්න වූ බවය.
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහරදීම් ආරම්භ කළේ පසුගිය 7 වැනිදා සිටය. මේ වනවිට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට දේශපාලනික වශයෙන් ද අර්බුද රැසකට මුහුණ පෑමට සිදුවී ඇතැයි පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)