ඊජිප්තු ජනාධිපති කටාරයේ සංචාරයක



ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී කටාරයේ දෝහා අගනුවර බලා පැමිණියේය. 2017 වසරේ හටගත් දේශපාලන අර්බුදයෙන් පසු ඊජිප්තු ජනාධිපති අල් සීසී දෝහා බලා පැමිණි පළමු අවස්ථාව මෙයයි.

2017 වසරේ දී සෞදිය සහ කටාර් රාජ්‍යය අතර හිත් අමනාපකම් හටගෙන, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටුණි. සෞදිය සහ කටාරය අසල්වැසි රාජ්‍යයන්ය.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටෙද්දී, සෞදිය කටාරය හුදෙකලා කිරීමට සම්බාධක රැසක් පැනැවීය. සෞදියට සහාය වෙමින්, ඊජිප්තුව ද කටාර් රාජ්‍යය සමඟ ඇයිහොඳයිනම් අත්හැරියේය.

සෞදිය සහ කටාර් රාජ්‍යය අතර හටගත් අර්බුදය 2021 දී අවසන් වුණු අතර ඊජිප්තුව යළි කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිකර ගත්තේය.

ඊජිප්තු ජනාධිපති අල් සීසී, දෝහා අගනුවරට ගියේ එම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය. ජනාධිපති අල් සීසී දෙදිනක් කටාර් රාජයයේ රැඳී සිටිනු ඇත. දෝහා ගුවන්තොටුපොළට පැමිණි ඊජිප්තු ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේ කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී විසිනි.

(රොයිටර්)


RECOMMEND POSTS