ඉරානයෙන් සිරියාවෙන් ඇමෙරිකාවට විරෝධයක්



ඉරානයත් සිරියාවත් ඇමෙරිකාවට දොස් නගා ඇත. ඒ, සිරියාවේ ගොඩනැගිලි කීපයක් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙනි.

මෙම ගොඩනැගිලි ඉරාන රජයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන ඒවා යැයි පැවැසෙයි. ඇමෙරිකාව එල්ල කළ එම ප්‍රහාරවලින් සිවිල් වැසියෝ 19 ක් ජීවිතක්ෂයට පත්වූහ.

ඇමෙරිකාව එල්ල කළ එම ගුවන් ප්‍රහාරය හෙලා දකිමින්, සිරියානු විදේශ කටයුතු අමත්‍යාංශය සහ ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය එක් වී විශේෂ ප්‍රකාශයක් කර තිබේ.

ඇමෙරිකන් ප්‍රහාරය එල්ල වූයේ සිරියාවත්, ඉරාකයත් අතර දේශසීමාවේ දීර් එල් සූර් පළාතේ යැයි ද පැවැසෙයි. සිරියාව, ඉරාකය සහ ඉරානය එක ළඟ පිහිටි රටවල්ය.

සිරියානු සිවිල් යුද්ධයේ දී 'අයි.එස්.' ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී සිරියානු රජයට ඉරාන රජයේත් හමුදාවේත් සහාය නොඅඩුව හිමිවිය.

(අල් ජසීරා)


RECOMMEND POSTS