ඉරානයත් ඉරාකයත් අතරේ ආරක්ෂක ගිවිසුමක්



ඉරාකය සහ ඉරානය අතරේ දේශසීමා ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබුණි. මෙම දේශසීමා ආරක්ෂක ගිවිසුමට අත්සන් තැබීම සිදුවූයේ කුර්දි සටන්කාමීන්ගෙන් තමන්ට තර්ජන එල්ල වන බවට ඉරානයෙන් එල්ල වන පැමිණිලි සැලකිල්ලට ගනිමිනි.

දෙරටට පොදු දේශසීමා ආරක්ෂාව සහ ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ආරක්ෂක සහයෝගීතා ගිවිසුම අත්සන් කළ බව ඉරාක අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඉරාක උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් අලි ෂම්කානී, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් අල් සුඩානි සහ ඉරාක ජාතික ආරක්ෂක උපදේශක කාසිම් අල් අරාජි මැදිහත් වෙමින් මෙම දේශසීමා ආරක්ෂක සහයෝගීතා ගිවිසුමට අත්සන් කළ බව ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS