ඉරානයට සම්බාධක පනවන්න අනුමැතිය



රුසියන් ආක්‍රමණයේ දී, මිසයිල සහ නියමුවන් රහිත ප්‍රහාරක ඩ්‍රෝන යානා රුසියන් හමුදාවට ලබා දෙනවා යැයි චෝදනා එල්ල වුණු ඉරානයට එරෙහිව යුක්රේන රජය සම්බාධක පැනවූයේය. ඒ, එම සම්බාධක පැනැවීම සඳහා යුක්රේන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමත් සමඟය.

රුසියන් හමුදා යුක්රේනයේ නගර ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේරොනයේ නිෂ්පාදිත මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් බව ඇමෙරිකාව ද පවසයි. යුක්රේන හමුදාව පවසන්නේ රුසියන් හමුදාව ඉරානයේ නිෂ්පාදිත ‘ෂාහිද්’ මිසයිල යොදා ගනිමින් පහර දෙන බවය.

කෙසේ නමුත් තමන් යුක්රේනයට පහර දීමට ඉරානයට අවි ආයුධ ලබා නොදෙන බව ඉරාක රජය දිගින් දිගටම පවසා තිබේ. යුක්රේනය ඉරානයට සම්බාධක පනවා ඇත්තේ වෙළෙඳ සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

රුසියාව සහ ඉරානය අතර සමීප මිත්‍රත්වයක් පවතී. එම මිත්‍රත්වය ශක්තිමත් කිරීමට හේතුවක් වී ඇත්තේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම ඉරානයට එල්ල කරන කෙණෙහිලිකම් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

(රොයිටර්)


RECOMMEND POSTS