ඉරානයට පහර දෙන්න ඊශ්‍රායලයට උදවු කරන්නේ නෑ



ඉරානයෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයක් වළක්වා ගැනීමට ඊශ්‍රායලයට පූර්ණ සහයෝගය ලබා දුන්නත්, ඊශ්‍රායලය ඉරානයේ ඉලක්කවලට පහර දෙන්නේ නම්, එම ප්‍රහාරවලට ඇමෙරිකාවේ සහාය හිමි නොවනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කළේය.

බයිඩන් මේ බව අවධාරණය කළේ, මාධ්‍යවේදීන් පිරිසක්, ඉරාන ඊශ්‍රායල යුද්ධය සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේදීය. 

“පැහැදිලිව කියන්න ඕනෑ, ඉරානයට ඊශ්‍රායලය පහර දීමක් කරන්නේ නම්, ඇමෙරිකා හමුදාවේ හෝ බුද්ධි අංශ නිලධාරීන්ගේ හෝ සහාය එවැනි ප්‍රහාරයකට ලැබෙන්නේ නැහැ. අප ඊශ්‍රායලය සමඟ සිටිනවා. ඉරානයෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව අප ඊශ්‍රායලයට සහාය දෙනවා” යැයි ජනාධිපති බයිඩන් කරුණු පැහැදිලි කළේය.

එමෙන්ම ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය පහරදීම් කරනු ඇතැයි බියක් මේ වනවිට නිර්මාණය වෙමින් පවතී. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ඒ සම්බන්ධයෙන් පවසා ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් ඉඩ නොදෙන බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS