ඉරානයට එන්නැයි චීන ජනපතිට ඇරැයුම්



ඉරානයේ නිල සංචාරයකට පැමිණෙන්නැයි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි චීන ජනාධිපති ෂී ජින්පින්ට ඇරැයුම් කර ඇති අතර, චීන ජනාධිපතිවරයා මහත් සතුටින් එම ඇරැයුම බාර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාන ජනාධිපතිවරයා මෙසේ චීන ජනාධිපතිවරයාට ඇරැයුම් කළේ චීන සංචාරය අතරතුරේය. ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි චීනය බලා පැමිණ සිටින්නේ නියෝජිත කණ්ඩායමක් ද පිරිවරාගෙනය.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් චීනයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට තමන් මැදිහත් වන බව චීන ජනාධිපති ෂී ජින්පින් ඉරාන ජනාධිපතිවරයාට පොරොන්දුවක් ද දී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS