ඉරාන සෞදි එදිරිවාදිකම් අවසන්



චීනයේ මැදිහත් වීමෙන් ලොව ප්‍රධාන ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානය සහ සෞදියත් අතරේ යහපත් සබඳතා ආරම්භ විය.

මාස දෙකක් ඇතුළත තානාපති කාර්යාල දෙරටේ විවෘත කරමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කඩිනමින් ආරම්භ කිරීමට ඉරාන සහ සෞදි රජය එකඟ වී සිටී.

ඉරාන උත්තරීතර ආරක්ෂක මණ්ඩලයේ ලේකම් අලී ෂම්කානී සහ සෞදි ජාතික ආරක්ෂක උපදේශක මුසාද් බින් මොහොමද් අල් අයිබාන් සහ චීන විශේෂ රාජ්‍ය නියෝජිත වැංග් ඊ අතර පැවැති සාකච්ඡාවලින් පසු එදිරිවාදිකම් පසෙකලා මිතුරු වීමට ඉරානය සහ සෞදිය තීරණය කළේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS