ඉරාන බැංකු කළමනාකරු දොට්ට



රාජ්‍ය බැංකුවකට ඇතුළු වුණු හිජාබයකින් සැරැසී නොසිටි කාන්තාවකට අවශ්‍ය සේවා සැපැයූ බැංකු කළමණාකරුවෙකු සේවයෙන් නෙරපා දමා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ඉරානයේ නීතිය අනුව, කාන්තාවන් හිජාබය නිසි ලෙස පැලැඳිය යුතුය.

රැකියාවෙන් නෙරපා දැමුණේ කොම් පළාතේ බැංකු කළමණාකරුවෙකි. කොම් පළාත ඇත්තේ තෙහෙරාන් අගනුවරට නුදුරිනි.

පසුගිය සැප්තැම්බර් 16 වැනිදා හිජාබය නිසි ලෙස පැලඳ නොසිටියේ යැයි චෝදනා ලැබූ ඉරාන කුර්දි තරුණියක එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. පොලිස් අත්අඩංගුවේ දී ඒම තරුණිය මියගියාය.

සති ගණනක් තිස්සේ ඉරානයේ හිජාබ නීතිය සම්බන්ධයෙන් ඉරාන රජයට එරෙහිව දැඩි විරෝධතා පැවැත්වෙන්නේ මෙම සිදුවීම මුල්කොට ගනිමිනි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS