ඉරාන ජනපති සිරියාවේ



ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, සිරියාවේ දෙදින සංචාරයකට පැමිණියේය.

ඉරාන ජනාධිපතිවරයාට, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගෙන් හිමිවූයේ ඉතාමත් උණුසුම් පිළිගැනීමකි.

අල් ජසීරා පුවත් සේවයට අනුව, ඉරාන ජනාධිපතිවරයකු මෙසේ සිරියාවට පැමිණියේ වසර 13 කට පසුවය.

ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා සහ තවත් අමාත්‍යවරුන් රැසක් ද මෙම සංචාරයට එක් වී සිටින බව පැවැසෙයි.

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ෂියා මුස්ලිම්වරයකු වන අතර, අල් අසාද්ගේ රජය ද ෂියා මුස්ලිම්ය. ඉරානය යනු ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යයයි.

සිරියානු සිවිල් යුද්ධයේ දී මෙන්ම අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ සටනේ දී ද සිරියානු රජයට ඉරානයේ සහාය හිමිවිය.

(අල් ජසීරා)


RECOMMEND POSTS