ඉරාන ජනපති මොස්කව් ඇවිල්ලා



ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් මොස්කව් අගනුවරදී පැවැත්විණි.

රුසියාවට ඉරාන ජනාධිපතිවරයාට, රුසියන් රජයෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
ජනාධිතිවරුන් දෙදෙනාගේ හමුවට මාතෘකාව වූයේ ඊශ්‍රායල හමාස් ගැටුමය. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තිරයේ මුස්ලිම් පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන්, ඉරාන ජනාධිපතිවරයා පුටින් හමුවේ සිය කනස්සල්ල පළ කළේය.

ඊශ්‍රායල හමාස් අර්බුදයට රුසියාව ද මැදිහත් වී සිටී. ඒ, අර්බුදය සාමකාමීව විසඳා ගැනීමේ අරමුණ ඇතිවය. රුසියාවේ දී ඉරාන ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට පෙර, පුටින් මැදපෙරදිග සංචාරයක කරමින් එක්සත් අරාබි එමීර්වරයාත්, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුත් හමුවී සාකච්ඡා පැවැත්වීය.

පුටින්ගේ නිල ගුවන් යානය, මැදපෙරදිග බලා ගියේත්, යළි රුසියාව බලා පැමිණීයේත්, රුසියන් ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා හතරක ආරක්ෂාවක් මැදය.

එම මැදපෙරදිග සංචාරයේ දී පළමුවෙන් පුටින් පැමිණියේ එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබි අගනුවරටය. පුටින් සෞදිය බලා පිටත්ව ගියේ ඉන්පසුවය.

එමිරේට්ස් සහ සෞදි නායකයන් හමුවී, පුටින් කලාපීය අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළේය.


RECOMMEND POSTS