ඉරාකයේ ස්වීඩන තානාපති කාර්යාලයට ගිනි තබයි



ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ස්වීඩන තානාපති කාර්යාලයට කඩා වැදුණු ප්‍රචණ්ඩකාරීහු පිරිසක්, එම තානාපති කාර්යාලයට ගිනි තැබූහ. පිරිස තානාපති කාර්යාලයට කඩා වැදුණේ අලුයමය.

කලහකාරීව හැසිරුණු මෙම ප්‍රචණ්ඩකාරීන් තානාපති කාර්යාලයට පහර දෙන්නැයි ‘උසි ගන්නවා’ ඇත්තේ ඉරාකයේ ෂියා ආගමික නායක මුක්ටාඩා සදාර් යැයි සැක කෙරේ.

මීට සති කීපයකට පෙර, ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ශුද්ධ වූ කුරාණයේ පිටපත් ගිනි තැබීමක් සිදුවිය. කුරාණයේ පිටපත් ගිනි තැබීම කළේ ස්වීඩන ජාතිකයන් පිරිසකි. ඒ සඳහා ඔවුන් අධිකරණයෙන් ද අවසර ගෙන තිබුණි. අධිරකරණය ඊට අවසර දී තිබුණේ ඕනෑම අයකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතැයි පෙන්වා දෙමිනි.


RECOMMEND POSTS