ඉරාකයේ නව ජනාධිපති අබ්දුල් ලතීෆ් රෂීඩ්



වසරක් තිස්සේ පැවැති දේශපාලන අර්බුදය අවසන් කිරීමේ අරමුණි, ඉරාකයේ නව ජනාධිපති ලෙස කුර්දි දේශපාලනඥ අබ්දුල් ලතීන් රෂීඩ් තෝරා පත් කර ගැනීමට ඉරාක පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, ජනාපධිති ධුරයේ කටයුතු කළ බහ්රාම් සාලේ එම ධුරයෙන් සමු ගන්නා බව පැවැසෙයි. බහ්රාම් සාලේ ද කුර්දි දේශාපාලනඥයෙකි. පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරණ සටන සඳහා ඉදිරිපත් වූයේ බහ්රාම් සාලේ සහ අබ්දුල් ලතීන් රෂීඩ් ය.

ඡන්ද විමසුම් වට දෙකක් පැවැත්විණි. එම වට දෙකෙන්ම ඡන්ද 160 කට වඩා දිනා ගැනීමට අබ්දුල් ලතීන් රෂීඩ් සමත් විය. බහ්රාම් සාලේ ට දිනා ගැනීමට හැකිවූයේ ඡන්ද 99 ක් පමණි.

අබ්දුල් ලතීන් රෂීඩ් නිල වශයෙන්, නව ජනාපධිති ලෙස නම් කිරීමටත් පෙර බහ්රාම් සාලේ පාර්ලිමේන්තුවෙන් පිටවී ගිය බව ඉරාක මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ.

ඉරාක දේශපාලනයේ ඇත්තේ බලය බෙදා ගැනීමේ ක්‍රමවේදයකි. එම ක්‍රමවේදය අනුව, ජනාධිපති ධුරයට පත් කර ගැනෙන්නේ කුර්දි ජාතිකයෙකි. ඉරාකයේ ප්‍රධාන ජනකොටස් තුන වන්නේ සුන්නි, ෂියා සහ කුර්දි ය.

අබ්දුල් ලතීන් රෂීඩ් ජනාපධිති ධුරයට පත් වීමත් සමඟ අග්‍රාමාත්‍ය ධුරය සඳහා ෂියා දේශපාලනඥ ෂියා අල් සුදානිගේ නම යෝජනා විය. ඒ අනුව, බාරකාර අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන මුස්තාෆා අල් කදීමිගෙන් පසු එම ධුරය ෂියා අල් සුදානි අග්‍රාමාත්‍ය ධුරයට පත් වනු ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS