ඉරාක අගමැති සුඩානී සිරියානු ජනපති හමුවෙයි



ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී, සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් හමුවී සාකච්ඡා පැවැත්වීය.

ඉරාක අග්‍රාමාත්‍යවරයකු මෙසේ සිරියාවට පැමිණියේ සිරියානු සිවිල් යුද්ධය හටගෙන වසර 12 ක් ගත වෙද්දීය. සිරියාවේ සිවිල් යුද්ධය හටගත් අවස්ථාවේදී, බොහෝ අරාබි රටවල්, ඇමෙරිකාව ඇතුළු පටහිර රටවලට තම පක්ෂපාතීත්වය පෙන්වමින්, සිරියානු රජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීය. ‘අරාබි ලීගයෙන්’ සිරියාව ඉවත් කිරීමට ද කටයුතු කළේය.

අරාබි රටවල් සිරියාව සමඟ සබඳතා නවත්වද්දී, ඉරාකය දිගටම සිරියාව සමඟ සබඳතා පවත්වාගෙන ගියේය.

මේ වනවිට සෞදියේ ද මැදිහත් වීමෙන් සිරියාවට යළි අරාබි ලීගයේ සාමාජිකත්වය ද හිමිවී තිබේ. සිරියානු සිවිල් යුද්ධයේ දී ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් විරුද්ධ වෙද්දී, සිරියාවට රුසියාවේත්, ඉරානයේත් සහාය හිමිවිය.


RECOMMEND POSTS