ඉන්දියානුවන්ට නිපුණතා පරීක්ෂණයක්



සෞදි අරාබියේ සේවය කිරීමට අදහස් කරන සෑම ඉන්දියානුවෙකුටම නිපුණතා පරීක්ෂණයකට පෙනී සිටීමට සිදුවන බව වාර්තා වේ.

තම රැකියා වීසා බලපත්‍ර අනුමත කිරීමට පෙර නිපුණතා පරීක්ෂණයෙන් සමත් විය යුතු බව දැක්වේ.

වෘත්තීය ශ්‍රම බලකායේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සහ සුදුසුකම් නොලත් සේවක සංඛ්‍යාව අඩු කිරීමට සෞදි අරාබිය මෙම පියවර ගෙන ඇත.

මෙම නිපුණතා පරීක්ෂණ වැඩසටහන ප්‍රථම වරට 2021 දී දියත් කරන ලද අතර, එහි ආරම්භක අදියරේදී නිශ්චිත රැකියා කාණ්ඩ සඳහා අනිවාර්යය වන අතර, අවසානයේ දී සියලුම රැකියා කාණ්ඩ සඳහා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

ගොඩනැගිලි විදුලි කාර්මික, ජලනල කාර්මික, වෙල්ඩර්, කම්මල්කරු, මෝටර් රථ විදුලි කාර්මික සහ පයිප්ප සවි කරන්නා ඇතුළු රැකියා කාණ්ඩ 19 ක් සඳහා නිපුණතා පරීක්ෂණය දැනටමත් අනිවාර්ය වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS