ඉතාලි අගමැතිනිය ඉරාක අගමැති හමුවෙයි



ඉතාලි නව අග්‍රාමාත්‍ය ජොර්ජියා මෙලෝනී ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සංචාරයක නියැලෙයි. ඇය බැග්ඩෑඩ් අගනුවරට පැමිණියේ ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී හමුවීමටය.

ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීමට මෙහිදී සාකච්ඡා පැවැත්විණි. තෙල් සම්පතින් අනූන වූ ඉරාකය බලශක්ති අර්බුදයකට මුහුණ දෙයි. රටේ විදුලි කප්පාදු කිරීම් සිදුවෙයි. ඒ සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගනිමින් ද්වී පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට ද ඉතාලි අග්‍රාමාත්‍යවරිය සමත් වූවාය.

ඉරාකයේ රඳවා සිටින ඉතාලි හමුදා සොල්දාදුවන් හමුවීමට ද ඉතාලි අග්‍රාමාත්‍යවරිය අමතක නොකළාය. ඉතාලි අග්‍රාමාත්‍යවරිය මෙම ඉරාක සංචාරයේ නියැලුණේ නත්තලට පෙර යැයි ඉතාලි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS