ඇස් පරිස්සම් කරගන්න: සෞදිය කියයි



වෛද්‍ය නිර්දේශයකින් තොරව අක්ෂි ඖෂධ වර්ග භාවිතා නොකරන ලෙස සෞදි ආහාර හා ඖෂධ අධිකාරිය අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන් නිකුත් කරනු ලබන ‘ලුමිගන්’ අක්ෂි බිංදු වෛද්‍ය නිර්දේශිත ප්‍රමාණය පමණක් භාවිත කරන ලෙස දැඩි ලෙස අධිකරිය අවධාරණය කරයි.

ඇහිබැමි තීව්‍ර කිරීම සහ දිගු කිරීම සඳහා “ලුමිගන්“ අක්ෂි බිංදු භාවිතා කරන බවත්, වැරදි භාවිතය දරුණු අතුරු ආබාධ ඇති කරන බව අධිකරිය සඳහන් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS