ඇමෙරිකා ජනපති බයිඩන්ට චෝදනා
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සිදුවන ජන සංහාර වැළැක්වීමට අසමත් වීම සහ ගාසා තීරයේ සිවිල් වැසියන්ට අනතුරක් වන අයුරින් ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයට අනුබල දීම යන චෝදනා මුල්කොට ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ කැබිනට් මණ්ඩල සාමාජිකයන් දෙදෙනකුට එරෙහිව නඩු පවරා තිබේ.
නඩු පවරා ඇති කැබිනට් මණ්ඩල සාමාජිකයන් දෙදෙනා වන්නේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින්ය.
චෝදනා ගොනු කිරීම සිදුකර ඇත්තේ නිව්යොක් සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන යැයි පැවැසෙයි. ඊශ්‍රායල ප්‍රහාර නවත්වා ගනිමින්, ගාසා තීරයේ අහිංසක පලස්තීන වැසියන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම තම අරමුණ බව එම සිවිල් සංවිධාන පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)