ආහාර පාර්සල් මිලියන 3ක් බෙදන්න යයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය රාමසාන් සමයේදී ආහාර පාර්සල් මිලියන තුනක් බෙදා දීමට කටයුතු කරන බව වාර්තා වේ.

එමිරේට්ස් රාජ්‍යය නොවන සංවිධානයක් වන “එමිරේට්ස් ආහාර බැංකුව“ ආහාර පාර්සල් තොගය බෙදා දීමට කටයුතු කරයි.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ උප-ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ බිරිඳසහ එමිරේට්ස් ආහාර බැංකු භාරකාර මණ්ඩලයේ සභාපතිනිය වනෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ උපදෙස් පරිදි ආහාර පාර්සල් බෙදා දෙයි.

ආහාර අතිරික්තය කළමනාකරණය කිරීම, නාස්තිය අවම කිරීම සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තුළ සහ ඉන් පිටත ආහාර අවශ්‍යතා ඇති අයට පෝෂණය සැපයීමඑමිරේට්ස් ආහාර බැංකුවේ ප්‍රධාන අරමුණ වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක                  
(GDN online - ඩුබායි නුවර)

RECOMMEND POSTS