ආරක්ෂක මණ්ඩලයේ තවත් හදිසි සැසියක්
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තවත් හදිසි සැසියක් පැවැත්විණි. එම හදිසි සැසිය කැඳවීමට කටයුතු කළේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි. ඒ, ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීමේ අරමුණ ඇතිව තවත් යෝජනාවක් ඉදිරිපත් කරමිනි.
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ගල්ෆ් කලාපයේ ඇමෙරිකන් හිතවාදී මෙන්ම ඊශ්‍රායලය සමඟ ද යහපත් සබඳතා පවත්වන රාජ්‍යයකි.
කෙසේ නමුත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන් මියයෑම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කිරීමට එමිරේට්ස් රාජ්‍යය පියවර ගෙන ඇත.
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය මේ වනවිට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි.