අභ්‍යාවකාශ ගත වෙන්න හදයි



සෞදි ගගනගාමීන් දෙදෙනෙකු අභ්‍යාවකාශ ගත වීමට සිටින බව වාර්තා වේ.

සෞදි ගගනගාමීන් දෙදෙනෙකු පුද්ගලික මෙහෙයුමක් සඳහා සූදනම් වන බව ඇමරිකානු Axiom Space සහ Nasa අයාතන ප්‍රකාශ කළේ ය.

රේයානා බර්නාවි, පියයුරු පිළිකා පර්යේෂකවරියක් වන අතර, අභ්‍යවකාශයට යන පළමු සෞදි කාන්තාව වේ.

ඇය සමඟ ප්‍රහාරක ගුවන් නියමු අලි අල් කාර්නි ද අභ්‍යාවකාශ ගමනට එක්වනු ඇත.

2023 මැයි 8 වෙනිදා රාත්‍රී 10.43 ට කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා SpaceX Falcon 9 රොකට්ටුවකින් පිටත් වනු ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(DGN online - රියාද් නුවර)

RECOMMEND POSTS