අගමැතිගෙන් ජනපතිට ඇමතුමක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජනාධිපති, ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන්ට පකිස්තාන අගමැති, මුහම්මද් ෂෙබාස් ෂරීෆ් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වේ.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ පාකිස්තානය අතර නව සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් පකිස්තාන අගමැතිවරයා දුරකථන ඇමතුම ලබා දී ඇත. 

ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම, අන්‍යෝන්‍ය කැපවීම, පොදු අවශ්‍යතා සහ කලාපීය මෙන්ම ජාත්‍යන්තර ගැටලු ගණනාවක් පිළිබඳව නායකයින් දෙදෙනා සාකච්ඡා කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS