31ක් අයි.එස්. ත්‍රස්තයන් අතින් මරුට



සිරියාවේ හාමා නමැති නගරයට ඔබ්බෙන් කාන්තාර ප්‍රදේශයේ වියලි හතු එක් රැස් කිරීමට ගිය සිරියානු එඬේරන් පිරිසකට අයි.එස්. ත්‍රස්තවාදීහු වෙඩි තැබූහ.

වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් එඩේරන් 31 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.

එඬේරන්, හතු එක්රැස් කිරීමට ගොස් ඇත්තේ සිරියානු රජයට සම්බන්ධ සන්නද්ධ සටන්කාමීන් 12 දෙනකුගේ ආරක්ෂාව යටතේය. ත්‍රස්තවාදීන් කළ වෙඩි තැබීමෙන් එම සටන්කාමීන් 12 දෙනා ද ජීවිතක්ෂයට පත් වුණු බව වාර්තා වේ.

අයි.එස්. ත්‍රස්තවාදීන් එඬේරන් සිවුදෙනකු පැහැර ගෙන ගොස් ඇතැයි ද සිරියාවේ ‘සානා’ පුවත් සේවය වාර්තා කර ඇත.

මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේ ද අයි.එස්. ත්‍රස්තවාදීන් සිදු කළ වෙඩි තැබීම්වලින් සිරියාවේ ගෝත්‍රික වැසියන් 230 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව වාර්තා විය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS