2,899 කගේ පුරවැසිභාවය අහෝසියි



කුවේටය පුද්ගලයන් 2,899 දෙනෙකුගේ පුරවැසිභාවය අහෝසි කර ඇති බව වාර්තා වේ.

පළමු නියෝජ්‍ය අගමැති, ආරක්ෂක අමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් ෆහාඩ් යූසුෆ් සවුඩ් අල්-සබාගේ ප්‍රධානත්වයෙන් කුවේට් පුරවැසිභාවය විමර්ශනය කිරීමේ උත්තරීතර කමිටුව රැස් වු අතර, එම කමිටුව ගත් තීරණයක් අනුව පුද්ගලයන් 2,899 දෙනෙකුගේ පුරවැසිභාවය අහෝසි කිරීමට කටයුතු කර ඇත.

අදාල අහෝසි කිරීම් කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට කමිටුව බලාපොරොත්තු වන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS