සෞදි ප්‍රථම ආධාර තොගය ලිබියාවට



ලිබියාවේ ගංවතුරින් විපතට පත් ව සිටින ජනතාවට බෙදා දීම සඳහා ආධාර තොගයක් ලිබියාවට යැවීමට සෞදි අරාබිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

සෞදි රජු, සල්මාන් බින් අබ්දුලාසීස් අල් සෞද් සහ ඔටුන්න හිමි කුමරු සහ අගමැති, මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුලාසීස් අල් සෞද් කුමරුගේ නියෝග මත ප්‍රථම ආධාර තොගයලිබියාවේ බෙනිනා ජාත්‍යන්තර ගුවන් තොටුපළට යැවීමට කටයුතු කර ඇත.

ආහාර සහ නවාතැන් උපකරණ ඇතුළුව ටොන් 90ක අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගුවනින් යැවීමට කටයුතු කර ඇති අතර, ලිබියානු රතු අඩසඳ සංවිධානය හරහා ආධාර තොගය බෙදා දීමට කටයුතු කරයි.

සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානයේ අධීක්ෂණකණ්ඩායම යවන ලද ආධාර තොගය බෙදා හැරීමේ අධීක්ෂණ කටයුතු සිදුකරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - රියාද් නුවර)

RECOMMEND POSTS