ලිබියා බලධාරීන් 16 ක් අත්අඩංගුවට
මහ වැසි සමඟ ලිබියාවේ දෙර්නා වෙරළාශ්‍රිත නගරයේ, වේලි දෙකක් කැඩී යෑමෙන් නිකුත් වුණු සැඬ ජල පහරට හසුවී මුහුදට ගසාගෙන ගිය දෙර්නා නගර වැසියන් 4,500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලිබියානු රජය විමර්ශන ආරම්භ කර තිබේ.
ලිබියානු නීතිපතිවරයා පවසා ඇත්තේ මේ වනවිට එම සිද්ධිය සම්බන්ධයෙන් ලිබියානු බලධාරීන් 16 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
දෙර්නා නගරයේ අතුරුදන් වූවන් ගණන 9,000 කි. ඔවුන්ගේ සිරුරු තවමත් හමුවී නැත. වේලි පිරී ඉතිරී කැඩී ගියේ ඒවා නිසි ලෙස නඩත්තු නොකළ බැවින් යැයි අත්අඩංගුවට ගත් බලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ. එම බලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන බව නීතිපතිවරයා පවසා ඇත.