ලෙබනන් පලස්තීන සංක්‍රමණික කඳවුරේ ගැටුමක්
ලෙබනනයේ සිඩෝන් නගරයට නුදුරින් පිහිටුවා ඇති පලස්තීන සංක්‍රමණික කඳවුරේ ගැටුමක් හටගත්තේය. ගැටුමින් පස් දෙනකු මියගිය බවත් 7 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.
පලස්තීන ෆාටා සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මියගිය පිරිස අතර තම අණ දෙන නිලධාරී අශ්රාෆ් අල් අර්මෝචි ඇතුළු සිවු දෙනකු සිටින බවය.