හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ AeroGulf සමාගමට අයත් හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටී ඇති බව වාර්තා වේ.

‍රාත්‍රී පුහුණු සැසියක් සඳහා හෙලිකොප්ටරය අල්-මක්ටුම් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්වීමෙන් පසු මෙම අනතුර සිදුව ඇති බව එමිරේට්ස්සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේය.

නියමුවන් දෙදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සෙවීමසඳහා සෝදිසි කිරීම් සිදු කෙරෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත්ප්‍රකාශ කළේය.

බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයේ සිටිඑක් නියමුවෙකු ඊජිප්තු ජාතිකයෙකු වන අතර අනෙක් පුද්ගලයා දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වේ.

අනතුර සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabnews - ඩුබායි නුවර)

RECOMMEND POSTS