හෘද රෝගියා ගුවනින් ගෙන යයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සාජා නුවර කන්දක් මතදී හෘද්‍යාබාධයකට ගොදුරු වු පුද්ගලයෙකු ගුවනින් ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ජාතික ආරක්ෂක බළකායට අයත් ජාතික සෙවුම් සහ ගලවා ගැනීමේ මධ්‍යස්ථානය සහ සාජා සිවිල් ආරක්ෂක අධිකාරිය හෘද රෝගීයාව ගුවනින් රැගෙන ගොස් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

ගලවාගැනීමේ කණ්ඩායම හෘද රෝගියාව හෙලිකොප්ටරයකින් රැගෙන යන ආකාරය සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝවක දැක්වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOline - සාජා නුවර)

RECOMMEND POSTS