හිස්බුල්ලා-හමාස් රහස් සාකච්ඡාවක්
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානී සයීද් හසන් නසරල්ලාහ්, හමාස් සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානී සාලේ අල් අරෝරී සහ ඉස්ලාමීය ජිහාද් සංවිධානයේ නායක සියාස් අල් නක්හාලා අතරේ විශේෂ රහස් සාකච්ඡාවක් පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ හිස්බුල්ලා සංවිධානය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමිනි. එම හමුව පැවැත්වූයේ කොහෙදැයි යන්න හිස්බුල්ලා සංවිධානය අනාවරණය කර නැත. හමුව පැවැත්වූයේ ඊශ්‍රායල හම්සා අර්බුදය සම්බන්ධයෙන් සහ ඊශ්‍රායල හමුදා පරාජයට පත් කිරීමේ සැලැස්මක් සකස් කරමිනි.