සෞදි පලස්තීන සබඳතාවලට ඊශ්‍රායලය විරුද්ධයි



පලස්තීන පාලන අධිකාරිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යෑමේ අරමුණින්, ජෙරුසලමේ කොන්සල් කාර්යාලයක් ස්ථාපිත කිරීමට සෞදි අරාබිය ගත් තීරණය ඊශ්‍රායලයේ විරෝධයට හේතුවක් වී තිබේ.

මේ වනවිටත් සෞදිය ඔවුන්ගේ ජෝර්දාන තානාපති නායේෆ් අල් සෞදාරි පලස්තීන පාලන අධිකාරිය වෙනුවෙන් නිත්‍ය නොවන නියෝජිතයකු ලෙස පත් කර තිබේ. ජෙරුසලමේ කොන්සල් කාර්යාලයක් පිහිටුවීම සිදුවනු ඇතැයි පැවැසෙන්නේ ඔහු වෙනුවෙනි.

සෞදියේ මෙම තීරණය සම්බන්ධයෙන් ඊශ්‍රායල විදේශ ඇමැති එලී කොහාන් කියා සිටියේ ජෙරුසලමේ කොන්සල් කාර්යාලයක් ස්ථාපිත කිරීමට අවසර නොදෙන බවය.


RECOMMEND POSTS