සිරියා ජනාධිපති අසාද්ට පූර්ණ සහාය ලබා දෙනවා
සිරියාවේ සිවිල් යුද්ධය යළිත් වරක් හිස ඔසවද්දී, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ඇරැච්ජී සිරියාවේ ඩමැස්කස් අගනුවරට ගොස් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් හමුවී ඒ ගැන සාකච්ඡා කළේය.
සිරියානු රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා ත්රස්තයන් අඩපණ කිරීමට සිරියානු රජයට උපරිම සහාය ලබා දෙන බවට ඉරාන රජය වෙනුවෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා සිරියානු ජනාධිපති හමුවේ ප්‍රතිඥා දුන්නේය.
ඉරාන විදේශ අමාත්‍යවරයා සිරියාවේ ඩමැස්කස් අගනුවරට පැමිණියේ, විශේෂ රාජ්‍ය තාන්ත්‍රිකයන් කණ්ඩායමක් ද පිරිවරා ගනිමිනි. සිරියානු රජයට සහාය වෙමින්, සිරියානු වැසියන් ත්රස්තවාදීන්ගෙන් ආරක්ෂා කිරීමට ඉරානය කැපවී සිටින බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.