සෑම විනාඩි 10 කට වරක්ම පලස්තීන දරුවෙක් මියයනවා
සෑම විනාඩි 10 කට වරක්ම, ඊශ්‍රායල හමාස් යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන දරුවකු මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඞ්හම් ගෙබි්‍රයේසිස් පවසයි.
ඊශ්‍රායල හමාස් ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ මියගිය පලස්තීන වැසියන් ගණන මේ වනවිට 12,500 සීමාව පසු කර තිබේ. ගැටුම් හේතුවෙන් මියගිය දරුවන් ගණන 4,200 කි.
පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, ගාසා තීරයේ ගැබිනි සහ කිරි දෙන මව්වරුන් 150,000 කට වැඩි පිරිසක් මූලික අවශ්‍යතා සපයා ගත නොහැකිව අපහසුතාවයට පත් වී සිටිති.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඞ්හම් ගෙබි්‍රයේසිස් ද ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට පවසා ඇත්තේ සටන් විරාමයකට ගොස් ගාසා පලස්තීන වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන ලෙසය.
මේ අතර, මුස්ලිම් රටවල රාජ්‍ය නායකයන්ගේ හමුවක් සෞදි අරාබියේ අනුග්‍රහයෙන් පැවැත්විණි. ඒ, ඊශ්‍රායල හමාස් අර්බුදය මුල්කොට ගනිමිනි. එම හමුවට ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ද සහභාගී විය. ඊශ්‍රායල හමුදා ගාසා තීරයට පහර දෙන්නේ ආත්මාරක්ෂා වීමට ඊශ්‍රායලයට අයිතියක් ඇති බව පවසමිනි. සෞදිය මෙය තරයේ හෙලා දැක තිබේ.