සරණාගත කඳවුරකට ප්‍රහාරයක්
ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුරට ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාර දුන්නේය. එම ප්‍රහාරයෙන් කඳවුරේ සිටි කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු පලස්තීන වැසියන් 50 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීන සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ප්‍රහාරයෙන් තවත් 150 ක් පමණ තුවාල ලබා සිටින බවත්, ඔවුන්ට ප්‍රතිකාර ලබා දීමට පහසුකම් කිසිවක් නොමැති බවත් පලස්තීන සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පවසා ඇත. ඊශ්‍රායල ප්‍රහාරය එල්ල කෙරුණේ ‘ජබාලියා’ සරණාගත කඳවුරටය.
‘ජබාලියා’ සරණාගත කඳවුරට තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පිළිගෙන තිබේ.
ඊශ්‍රායල බුද්ධි අංශය මෙන්ම හමුදාව ද වැඩි දුරටත් නිවේදනය කළේ පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට පහර දුන් සටන්කාමීන් මෙහෙයවූ හමාස් සටන්කාමී නායකයකු ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරය එල්ල කළ බවය. තම ප්‍රහාරයෙන් එම හමාස් නායකයා ජීවිතක්ෂයට පත්වුණු බව ද ඊශ්‍රායල හමුදාව වැඩි දුරටත් පවසා ඇත.
(ඒ.එෆ්.පී.)