සටන් විරාමය ඇරැඹේ
කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇත කරගත් එකඟතාවට අනුව, සිවුදින සටන් විරාමයක් ආරම්භ විය. ඇතිකරගත් එකඟතාවට අනුව, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල ජාතිකයන් 50 දෙනකු නිදහස් කිරීමට හමාස් සංවිධානය කැමැත්ත පළ කර ඇති අතර, ඊට ප්‍රතිචාර දක්මින්, ඊශ්‍රායලය ඔවුන්ගේ අත්අඩංගුවේ සිටින පලස්තීනුවන් 150 දෙනකු නිදහස් කිරීමට එකඟ වී තිබේ.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දුන් අවස්ථාවේ, අල්ලාගත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ගණන 240 කි. සටන් විරාමය ආරම්භ වූයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනකු නිදහස් කරමිණි. සෙසු පිරිස ද කඩිනමින් මුදා හැරීමට හමාස් සංවිධානය කටයුතු කරනු ඇතැයි ඊශ්‍රායල රජය පවසා තිබේ.
මේ අතර, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර, එකඟත්වයක් ඇති වී, සටන් විරාමයකට යෑමටත්, හමාස් ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමටත් නියමිතව තිබියදී, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ පාසලකට බෝම්බ ප්‍රහාර එල්ල කළ බව වාර්තා විය. මෙම පාසල එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් ඉදි කළ සහ පවත්වාගෙන යන පාසලක් බව පැවැසෙයි. පලස්තීන වැසියන් පාසලේ ආරක්ෂාව ලැබ සිටි බවත්, ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීන වැසියන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් හමාස් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
(ඒ.එෆ්.පී.)