වට්ස්ඇප් ඇමතුම් තහනම් කරයි
කුවේටය වට්ස්ඇප් ඇමතුම් තහනම් කිරීමට පියවර ගන්නා බව වාර්තා වේ. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය වැනි ගල්ෆ් රටවල් කීපයක් මේවනවිට වට්ස්ඇප් ඇමතුම් තහනම් කිරීමට පියවර ගෙන ඇත.
නොමිලේ ඇමතුම් සහ පණිවිඩ සේවා සපයන Viberසහ Tango වැනි යෙදුම් විශාල සංඛ්‍යාවක් අවහිර කිරීමේ ක්‍රියාවලිය දුෂ්කරතා කිහිපයකට මුහුණ දී ඇත.
වට්ස්ඇප් ඇමතුම් නැවැත්වීමේ ක්‍රියාවලිය කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනන් බුෂෙරි දැඩි විවේචනයකට ලක් කර ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - කුවේට් නගරය)