ලෙබනනයට එල්ල වුණු ප්රහාරයෙන් 60 ක් මියයති
ලෙබනනයේ නැගෙනහිරින් පිහිටි බෙක්කා නිම්නයේ බාප්බෙක් නගරයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්රායල හමුදා කළ පහරදීම්වලින් 60 දෙනකු මියගිය බව පැවැසෙයි. තුවාල ලැබූවන් ගණන 58 කි.
මියගිය පිරිස අතර අවුරුදු 12 ට අඩු කුඩා දරුවන් කීප දෙනකු සිටින බව ද පැවැසෙයි. ලෙබනන් හිස්බුල්ලා සටන්කාමී සංවිධානය ක්රියාත්මක වන්නේ බෙක්කා නිම්නයේය.
(ඒ.එෆ්.පී.)