ලිබියාවත් ඊශ්‍රායලයත් අතර අර්බුදයක්



ඊශ්‍රායල විදේශ ඇමැතිනී එලී කෝහන් සහ ලිබියාවේ විදේශ ඇමැතිනී නජ්ලා එල් මන්ගෝෂ් අතරේ හමුවක් පැවැත්විණි. එය ලිබියානු වැසියන්ගේ දැඩි විරෝධයට හේතුවක් වී වූ අතර, මේවනවිට ලිබියාවේ ටි්‍රපොලි අගනුවර විරෝධතා පැවැත්වෙයි.

විරෝධතා උත්සන්න වීමත් සමඟ ලිබියාවේ විදේශ ඇමැතිනී නජ්ලා එල් මන්ගෝෂ් තාවකාලිකව සිය ධුරයෙන් ඉවත් වූ බව ද වාර්තා වේ.

ඊශ්‍රායලය, මැදපෙරදිග කලාපයේ මුස්ලිම් රාජ්‍යයන් සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගනිමින් සිටී. ඊශ්‍රායල විදේශ ඇමැතිනී එලී කෝහන්, ලිබියාවේ විදේශ ඇමැතිනී නජ්ලා එල් මන්ගෝෂ් හමුව සිදුවූයේ ඒ අනුවය. එය ඓතිහාසික හමුවක් බව ඊශ්‍රායල විදේශ ඇමැතිනී එලී කෝහන් පවසා තිබුණි.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ දී, ලිබියාව පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යයකි. තම විදේශ ඇමැතිනිය, ඊශ්‍රායල විදේශ ඇමැතිනිය හමුවීම දේශද්‍රෝහී ක්‍රියාවක් යැයි ලිබියානු වැසියෝ විශ්වාස කරති.


RECOMMEND POSTS