රාජකීය පවුලේ අයකු ලෙස පෙනීසිටි අයෙක් හිරේට



කුවේට් රාජකීය පවුලේ සාමාජිකයෙකු ලෙස පෙනී සිටි කුවේටයේ නීතිවිරෝධී පදිංචිකරුවෙකු අත්අඩගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයා කුවේට් කාන්තාවක් රවටා කුවේට ඩිනාර්15,000ක් වංචා කර ඇති බව පසුව සොයා ගෙන ඇත.

එමෙන්ම, විශාල මුදල් හා ත්‍යාග ලබාදෙන බව පවසා කාන්තාවක් රවටා ඇති බවත්, කාන්තාවන් කිහිපදෙනෙකු මෙම පුද්ගලයා සමඟ වංචාවට සම්බන්ධ වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS