මීළඟ මෙහෙයුමට සූදානම්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ගගනගාමී සුල්තාන් අල්නෙයාඩි මීළඟ මෙහෙයුමට සූදානම් බව වාර්තා වේ.

මාස හයක අභ්‍යවකාශ මෙහෙයුමකින් පසු, දින කිහිපයකට පෙර නැවත පෘථිවියට පැමිණි එමිරේට්ස් ගගනගාමී, සුල්තාන් අල්නෙයාඩි ඔහුගේ මීළඟ අභ්‍යාවකාශ මෙහෙයුමට සූදානම් බව මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේඅධ්‍යක්ෂ ජනරාල්, සලීම් අල්මරී පැවසීය.

අභ්‍යවකාශගාමි සුල්තාන් අල්නෙයාඩි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කාලය ගත කළ අතර, පෘථිවිය වෙත පැය 17ක ගමනෙන් පසු දැනට එක්සත් ජනපදයේ වෛද්‍ය නිරීක්ෂණ යටතේ සිටියි.

"මා සමඟ මෙම ගමනේ කොටස් කරුවන් වූ ඔබ සැමට ස්තූතියි. මිත්‍රවරුනි, මම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඉතා ඉක්මනින් ඔබ සැම හමුවීමට බලාපොරොත්තු වෙමි," ඔහු සිය පළමු ට්විටර් පණිවිඩ පළ කරමින් සඳහන් කළේය.

42 හැවිරිදි ඔහු සති කිහිපයකින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පැමිණීමට නියමිතය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - ඩුබායි නුවර)

RECOMMEND POSTS