ප්‍රහාරය සාර්ථකයි



ඉරානයට එල්ල කළ ප්‍රහාරය සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායල හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක ඩැනියෙල් හැගාරි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

ප්‍රහාරය සඳහා ගුවන් ගත වූ ගුවන් යානා සියල්ල ආරක්ෂිතව හමුදා කඳවුරු වෙත පැමිණි බවත් ඉරානයේ මිසයිල පද්ධතිවලට සහ ගුවන් මෙහෙයුම් පද්ධතිවලට ඉලක්ක ගතව ප්‍රහාර එල්ල කළ බවත් ඩැනියෙල් හැගාරි පැවැසුවේය. ප්‍රතිප්‍රහාරය සාර්ථකව අවසන් කළ බවත් ඉන් බලාපොරොත්තු වූ අරමුණු සියල්ල ඉෂ්ඨ කර කර ගැනීමට සමත් වූ බවත් හැගාරී ප්‍රකාශ කළේය.

පසුගිය පළමු වැනිදා ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය ඉරානයට අදියර දෙකකින් ප්‍රතිප්‍රහාර එල්ල කළේය. ප්‍රහාරයේදී ටෙහෙරාන් අගනුවර හමුදා කඳවුරු වෙත ඉලක්ක ගතව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කළ අතර ඉන් ස්ථාන හතක පමණ පිපිරීම් සිදුවූ බවද පැවැසෙයි.


RECOMMEND POSTS