ප්‍රංශ ජනපතිගෙන් ඉරානයට චෝදනා
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, යුරෝපයටත්, මැදපෙරදිග කලාපයටත් බරපතල තර්ජනයක් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ආපසු හැරවීමට නොහැකි අයුරින්, තර්ජනයක් දක්වා ඔඩුදුවා ඇති බවය.
මැදපෙරදිග කලාපයේ අර්බුද ඇති කිරීමට ඉරානය සමත් වී ඇති බවත්, ඉරානයේ සහාය ලබන ඉස්ලාමීය සටන්කාමීන් මැදපෙරදිග අස්ථාවර කරන බවටත් ප්‍රංශ ජනාධිපතිවරයා චෝදනා නගා ඇත. ඊට අමතරව, රුසියන් යුක්රේන යුද්ධයේ දී, ඉරානය රුසියාවට සහාය දැක්වීම ද මැක්රොන්ගේ විවේචනයට හේතුවක් විය.
මේ වනවිට ඉරානයේ ජනාධිපති ධුරයට පත් වී සිටින්නේ මධ්‍යස්ථමතධාරියකු වන මස්මූඩ් පෙසෙෂ්කියන්ය. ඉරාන ජනාධිපතිවරයා දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ ඉරානය මැදපෙරදිග කලාපයටත් ලෝකයටත් තර්ජනයක් නොවන බවය. එමෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ලෝකය සමඟ විවෘතව කටයුතු කරන බව ද ජනාධිපති පෙසෙෂ්කියන් අවධාරණය කර ඇත. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ නිලධාරීන් ද ඉරානයට ගොස් ඉරාන ජනාධිපති හමුවී ඇත්තේ, ඉරාන ජනාධිපතිවරයා කළ ඇරැයුමක් අනුවය.
ප්‍රංශ ජනාධිපති මැක්රොන් ඉරානයට චෝදනා කිරීම, ඉරානයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර ඇත්තේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ චෝදනා පදනම් විරහිත බවටය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන කිසිවකුට තර්ජනයක් නොවන බවත්, එය ඉරානයේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් පවත්වාගෙන යන බවත්, රුසියන් යුක්රේන යුද්ධයේදී ඉරානයේ මැදිහත් වීමක් නොමැති බවත් ප්‍රංශ විදේශ කටයුතු අමත්‍යාංශ ප්‍රකාශක ඉස්මායිල් බාකෙ පවසා ඇත.
2015 දී බැරැක් ඔබාමා ඇමෙරිකා ජනාධිපති ලෙස කටයුතු කරද්දී, ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් ද හවුල් කර ගනිමින්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්දයෙන් එකඟත්වයක් ඇති කර ගත්තේය. එහිදී විනාශකාරී න්‍යෂ්ටික අවි නිපදවන්නේ නැතැයි ඉරාකය ප්‍රතිඥා දුන්නේය. කෙසේ නමුත්, ඔබාමාගෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වුණු අවස්ථාවේදී එම ඇමෙරිකාව එම එකඟතාවයෙන් ඉවත් කර ගත්තේය. ඒ, ඊශ්‍රායලයට සහාය දක්වමිනි. ඒ අනුව, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගත් සියලු එකඟතා අවසන් විය.
(ඒ.එෆ්.පී.)