පලස්තීන දරුවෝ 3195 ක් මැරිලා
ඊශ්‍රායල හමුදා හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ගාසා තීරයට දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන් 8,000 ක් මියගොස් ඇති බවත්, ඔවුන්ගෙන් 3195 දෙනකු කුඩා දරුවන් බවත් 'සේව් ද චිල්ඩ්රන්' රාජ්‍ය නොවන සංවිධානය පවසයි.
2019 වසරේ සිට ගාසා තීරයේ හටගත් යුද ගැටුම්වලදී වාර්ෂිකව මියගිය දරුවන් සංඛ්‍යාවට වඩා එය විශාල වැඩීවීමක් බව ද 'සේව් ද චිල්ඩ්රන්' සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
ඊට අමතරව ගාසා තීරයේ තවත් කුඩා දරුවන් 1,000 ක් පමණ අතුරුදන් යැයි පැවැසෙයි. ඔවුන්ගේ සිරුරු ඊශ්‍රායල ගුවන් ප්රඑාරවලින් බිමට සමතලා වුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී ඇති බව ද 'සේව් ද චිල්ඩ්රන්' සංවිධානය වැඩි දුරටත් පවසා තිබේ.
(බීබීසී)