පලස්තීන ජනපති චීන ජනපති හමුවෙයි



පලස්තීන ජනාධිපති මහුමුද් අබ්බාස් සිවු දින නිල සංචාරයක් අරඹමින් චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.

පලස්තීන ජනාධිපති අබ්බාස්, ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ සංචාරයකට පැමිණි දෙවැනි අවස්ථාව මෙයයි.

පලස්තීන ජනාධිපති අබ්බාස්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව සිටියේය. පලස්තීන නායකයා මෙසේ චීනයට පැමිණියේ චීන රජයේ විශේෂ ඇරැයුමකට අනුව යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

වසර ගණනාවක් තිස්සේ දිග් ගැස්සෙමින් පවතින ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග අර්බුදය විසඳීමට චීනය මැදිහත් වීමට සූදානම් වෙයි. පලස්තීන ජනාධිපති අබ්බාස් චීන ජනාධිපති ජින්බින් හමුවී මෙම සාම සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

පලස්තීන නායක දිගු කලක පටන් චීනයේත් චීන ජනතාවගේත් හොඳ මිතුරකු බවත්, ඔහුට උණුසුම් පිළිගැනීමක් ලබා දීමට කටයුතු කළ බවත් චීන විදේශ අමත්‍යාංශ ප්‍රකාශක වැංග් වින්බින් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.


RECOMMEND POSTS