පලස්තීනයට පළමු වරට සෞදි තානාපතිවරයෙක්



ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා වර්ධන කර ගැනීමට උත්සාහ ගන්නා අතරතුරේ සෞදි අරාබිය, පලස්තීනයට තානාපතිවරයකු පත් කර තිබේ. සෞදිය පලස්තීනයට තානාපතිවරයකු පත් කළ පළමු අවස්ථාව මෙයයි.

පලස්තීන සෞදි තානාපති ලෙස පත් කර ඇත්තේ නායේෆ් අල් සෞදාරිය. අල් සෞදාරිගේ අක්තපත්‍ර භාර ගැනීම ජෝර්දානයේ දී සිදුවිය. පලස්තීන ජනාධිපති වෙනුවෙන් අක්තපත්‍ර බාර ගැනීම කළේ ජනාධිපති අබ්බිස්ගේ රාජ්‍යතාන්ත්‍රික උපදේශක මජ්දි අල් කලීඩි ය.

අල් සෞදාරි ජෝර්දානයේ සෞදි තානාපති ලෙස ද කටයුතු කර තිබේ.

ඊශ්‍රායලය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීමට කැමැත්ත පළ කළත් සෞදියේ සල්මාන් රජු මෙන්ම ඔටුන්න හිමි සල්මාන් කුමරුන් ද තරයේ පවසා ඇත්තේ ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද්වී රාජ්‍ය විසඳුමක් අවශ්‍ය බවය.

පලස්තීන පාලන අධිකාරිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යෑමේ අරමුණින්, ජෙරුසලමේ කොන්සල් කාර්යාලයක් ස්ථාපිත කිරීමට සෞදි අරාබිය තීරණය කර ඇතැයි ද වාර්තා වේ.


RECOMMEND POSTS