නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම කිසිසේත් අනුමත කරන්න බෑ - බයිඩන්



ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කිරීම  කිසිසේත් අනුමත කළ නොහැකි යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

‘ජාත්‍යන්තර අපරාධ අධිකරණය අග්‍රාමාත්‍ය නෙදන්යාහුට එල්ල කරන චෝදනා අනුමත කරන්න බැහැ. ඊශ්‍රායලය සටන් වදින්නේ බිහිසුණු හමාස් ත්‍රස්තවාදීන් සමගයි. අප (ඇමෙරිකාව) සැමවිටම ඊශ්‍රායල සමඟ සිටිනවා. ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා’ යැයි  ඇමෙරිකා ජනාධිපති බයිඩන් පැහැදිලි කර ඇත.


RECOMMEND POSTS