නව ස්පාඤ්ඤ තානාපති සමඟ සාකච්ඡා



සෞදි අරාබියේ නව ස්පාඤ්ඤ තානාපති, ලෙස පත් වු ජේවියර් කාර්බජෝසා සැන්චෙස්ව පිළිගෙන සාකච්ඡා පවත් වා ඇති බව වාර්තා වේ.

රියාද් ආණ්ඩුකාර ෆයිසාල් බින් බන්ඩාර් බින් අබ්දුලාසිස් කුමරු ස්පාඤ්ඤ තානාපතිවරයා හමු වී සාකච්ඡා කර ඇත.

දෙරට අතර සිදුකෙරෙන රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී සහයෝගයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කළ බව රියාද් ආණ්ඩුකාර ෆයිසාල් බින් බන්ඩාර් බින් අබ්දුලාසිස් කුමරු ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS