තර්ජනවලට බය නැහැ: පුළුවන් දෙයක් කරන්න



ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා සාකච්ඡාවලට එන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දිගින් දිගටම එල්ල කරන තර්ජන සහ බලපෑම්වලට තමන් කිසිසේත් අවනත නොවන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අවධාරණය කර ඇත.

“ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපට තර්ජනය කරනවා. සාකච්ඡාවලට එන්නැයි බල කරනවා. මම ඇමෙරිකන් ජනාධිපතිවරයාට කියන්න කැමතියි පුළුවන් දෙයක් කරන්න. කමක් නැහැ. පුළුවන් දෙයක් කරන්න අපි බය නැහැ.” යැයි ඉරාන ජනාධිපති වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

පෙසෙෂ්කියන්, ඉරාන ජනාධිපති ධුරයට පත් වුණු මධ්‍යස්ථමතධාරී ජනාධිපතිවරයෙකි. ඔහු ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට උත්සාහ ගන්නා නමුත්, ට්‍රම්ප් දිගින් දිගටම ඉරානයට තර්ජනය කරන්නේ, ඇමෙරිකාවේ කොන්දේසිවලට අනුව, සාකච්ඡා සඳහා යොමු වන ලෙසය. මෙය ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිගේ දැඩි විරෝධයට හේතුවක් විය.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS